නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 370ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන්කිරීමේ හැකියාවක් පවතින බව ද සඳහන්.

මේ හේතුවෙන් හෙට සහ අනිද්දා බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවද කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකිය.

උතුරු නැගෙනහිර බස්නාහිර සබරගමුව සහ ඌව පළාත්වලට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

WhatsApp Group

Skip to content