ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අවස්ථාව හිමිකර ගනු ලැබුවා.

ඒ, කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 168ක් රැස් කළා.

එහිදී වනිඳු හසරංග පන්දු 34කදී නොදැවී ලබා ගත ලකුණු සංඛ්‍යාව 77ක්.

ලකුණු 169ක ඉලක්කය හඹාගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් දැවී ජය වාර්තා කළා.

ඒ අනුව කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ගියවර ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.

තරගය අද රාත්‍රී 7.30 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

WhatsApp Group

Skip to content