ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඉන්දියාවේ විශාකාපට්නම්හීදී පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි.

පන්දුවට පහර දීමේදී විරාත් කෝලි ලකුණු 31ක් සහ අක්සාර් පටෙල් ලකුණු 29ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් ලකුණු 53ට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 11ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 121ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහනය කළා.

WhatsApp Group

Skip to content