Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 370ක් ලබාදීමට එරට රජය එකඟවී ඇතැයි වාර්තවනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ මෙම ඖෂධ වර්ග 370 ලබන මාසයේ මෙරටට ලැබෙනු ඇති බවයි.

මේ අතර රටට අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 14න් හතක් වසරක කාලයක් සඳහා ප්‍රදානයක් ලෙස පිරිනැමීමට චීන රජය කැමැත්ත පල කර තිබෙනවා.

චීන රජයේ එම ප්‍රදානය ඉතා සතුටින් බාර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඖෂධ සම්බන්ධයෙන් යම් යම් අපහසුතා ඇති බව පිළිගන්නා බවද ඖෂධ ප්‍රශ්නය පාලනය කරගත හැකි මට්ටමක පවතින බවද ඒ මහතා කියා සිටියා.

ඖෂධ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වසන් නොකරන බවත් සියලු තොරතුරු පාර්ලිමේන්තුවටද දැනුම් දී ඇති බවත් මෙහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ග ලැයිස්තු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ මහකොමසාරිස් කාර්යාලයට දැනටමත් බාරදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ

WhatsApp Group

Skip to content