නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ක පමණ තරමක වැසි ඇති වන බවයි .

මෙහිදී නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් , පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා .

සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි

WhatsApp Group

Skip to content