මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14දෙනෙකු නිදහස් කර තිබෙනවා .

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ එම ධීවරයින් ඊයේ ඉන්දීයාවේ චෙන්නායි වෙත ළඟාවූ බවයි .

ඔවුන්ව පසුගිය නොවැම්බර් මාසයේදී මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා .

අදාළ ධීවරයින් ඉන්දීයාවේ තමිල්නාඩු, පුදුක්කෝට්ටෙයි සහ නාගපට්නම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content