Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතවී පවතින පීඩන අවපාතය අද පස්වරුව වනවිට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වන උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ වෙත එම පද්ධතිය හෙට වන විට ළඟාවීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ .

ඒ හේතුවෙන් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා .

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ බස්නාහිර පළාතේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි .

WhatsApp Group

Skip to content