ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු එළැඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා .

අදාළ ධීවරයින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි මසුන් අල්ලමින් සිටියදීයී .

අත්අඩංගුවට පත්වු අදාළ පිරිස ඊයේ යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ .

නාවික හමුදාව පවසන්නේ 2022 වසරේ ගතවු කාල සීමාව තුළ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවර යාත්‍රා 35 ක් සහ ඉන්දීය ධීවරයින් 252 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි .

WhatsApp Group

Skip to content