Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ලිපි මඟින් දැනුම් දී ඇති බවයි එහි සංවිධායකයින් පැවසුවේ.

කෙසේ වෙතත් මෙම විධායක සභා රැස්වීම සැළසුම් කළ පරිදි පවත්වන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉවත් කළ බවට ප්‍රකාශ කර ඇති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබෙනවා.

ඒ, සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින්.

එම ලිපිය මඟින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත්තේ තවදුරටත් තමන් පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කරන බැවින් ව්‍යවස්ථාවට අනුව රැස්වීමක් කැඳවීමට බලය ඇත්තේ තමාට පමණක් බවයි.

මේ හේතුවෙන් පක්ෂ නායකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා කැඳවා ඇති රැස්වීම ව්‍යවස්ථා විරෝධි සහ නීති විරෝධි රැස්වීමක් බැවින් එම රැස්වීම වහාම අවලංගු කරන ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලා සිටින්නේ.

WhatsApp Group

Skip to content