Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්ගේ මෙරට සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා.

මේ මස 19 වන දා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණීමට නියමිත අතර එහි දී බලශක්ති, ආහාර සුරක්ෂිතතා සහ විනිමය හුවමාරු සම්බන්ධයෙන් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේදී මෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සදහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ආරංචි මාර්ග සදහන් කළ බවයි

එරට වාර්තා සදහන් කළේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ණය සහ ණය ආධාර පහසුකම් ඇතුළු ඩොලර් බිලියන 4ක පමණ ඒකාබද්ධ පැකේජයක් ආසියානු නිෂ්කාෂණ සංගමය හරහා ලබා දීම සම්බන්ධයෙන්ද ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ බලාපොරොත්තු තබා ගත හැකි බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

ත්‍රිකුණාමලය සංවර්ධන ව්‍යාපෘතිය සහ ඉන්දියාව සමග නේපාලය, භූතානය, සහ බංග්ලාදේශය මෙන් බලශක්ති හුවමාරුව පිළිබද දිගු කාලීන සැලසුම් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් වලට එළැඹීමටද ජයිශංකර්ගේ සංචාරය අතරතුර නියමිතයි.

 

WhatsApp Group

Skip to content