Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පිළියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේදී තරුණියක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය කියා සිටියේ පසුගිය 14 වනදා යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් තරුණියක් පැහැරගෙන ගොස් ඇති බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ලද බවයි.

පැහැරගැනීම සිදු කරන ලද පුද්ගලයා මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක් බවත් ඔහු නාවික හමුදා සෙබලෙක් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

අදාළ නාවික හමුදා සෙබළා, පැහැර ගැනීමට ලක්වූ තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් මීට මාස හයකට පමණ පෙර එම සම්බන්ධය නවතා ඇති බවත් මූලික විමර්ශනවලදී පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා.

එසේම ඒ සම්බන්ධයෙන් සැකකරු විසින් අවස්ථා ගණනාවකදීම තරුණියට තර්ජනය කිරීම්ද කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

තරුණිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

 

WhatsApp Group

Skip to content