ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් එරට අමෙරිකානු තානාපති එරික් ගාර්සෙට්ටි සහ එරට නේපාල තානාපති ශංකර් පී ෂර්මා හමුවී තිබෙනවා.

එම රටවල් ද්විත්වය සහ ඉන්දියාව අතර පවතින සබඳතාවයේ ප්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාව, අමෙරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක සන්ධානයක් වන කුඅඩ් එකමුතුව පිළිබඳ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට අමෙරිකානු තානාපතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ එරට නේපාල තානාපතිවරයා අතර හමුවේදී දෙරට අතර ගැඹුරු සහ බහුවිධ හවුල්කාරිත්වය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content