කෑගල්ල, අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ජල යෝජනා ක්‍රමය  විවෘත කිරීමට දින දෙකක් තිබියදී ඒ සඳහා ගෙනවිත් තිබු ජලනල තොගය ගිනිගැනීමට ලක්වුනා.

මෙම ගිනිගැනීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට වාර්තා වීමත් සමග අරණායක පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුවයි අදාළ සිසුන්ගෙන්  ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරුනේ.

WhatsApp Group

Skip to content