ඉන්දීය ගුවන් හමුදාව සහ අමෙරිකානු ගුවන් හමුදාව අතර ද්විපාර්ශ්වික ගුවන් අභ්‍යාසයක් මේ දිනවල පැවැත්වෙනවා.

එය හැඳින්වෙන්නේඑක්ස-සයිස් කෝප් ඉන්දියා 23 ලෙසයි.
අර්ජාන් සින්, කලයිකුන්ඩා සහ අග්‍රා යන ගුවන් හමුදා කඳවුරු කේන්ද්‍ර කර ගනිමින් මෙම ඒකාබද්ධ අභ්‍යාසය ක්‍රියාත්මක බවයි ඉන්දීය ගුවන් හමුදාව පැවසුවේ.
ඉන්දු – අමෙරිකානු ගුවන් හමුදා අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ තාක්ෂණය හුවමාරු කර ගැනීම මෙහි මූලික අපේක්ෂාවක්.
ඒ අනුව ඉන්දීය ගුවන් හමුදාව සහ අමෙරිකානු ගුවන් හමුදාව සතු අතිනවීන ප්‍රහාරක ගුවන් යානා මෙම අභ්‍යාස මාලව සඳහා එක් කර ඇතැයි ද සඳහන්.

මේ සඳහා මෙම ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බළකායේ ගුවන් කාර්ය මණ්ඩලය ද සහභාගී වන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content