සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සහ අනිද්දා දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා .
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවයි.

ලබන 31 වැනි දා දක්වා දීපව්‍යාප්තව එම මෙහෙයුම් ක්‍රියාත්මකයි .

1913 විශේෂ දුරකතන අංකයට සුරා බදු වැරදි සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා .

WhatsApp Group

Skip to content