Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීම සඳහා වන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එමෙන්ම ලබන මාසයේ සිට ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සදහන් කළා .

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින්.

ඉදිරියේදී ඉන්ධන කෝටාවෙන් බැහැරව සාමාන්‍ය පරිදි ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ වූ පසු,දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කලා.

https://www.vnews.lk/storage/2022/11/KANCHANA-WIJESEKARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content