ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙකුගේ වැඩතහනම් කර තිබෙනවා.

රැකියා සඳහා විදෙස් ගතවු ශ්‍රී ලාංකික කාන්තාවන්ට විවිධ හිංසන සිදුකළ බවට ලද තොරතුරු මත සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව එම වැඩතහනම සිදුකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.

එලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළ ඊ. කේ කුෂාන් නැමැති පුද්ගලයෙක්.

ඔහු මෙරටට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද කාර්යංශය වැඩිදුරටත් සදහන් කලා.

මීට අමතරව මුහුණු පොතෙ දැන්වීමක් පළකර අනුව රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි ස්ථානයක් වටලා විදේශිකයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය අද බදුල්ලේ හෝටලයක සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් විදේශිකයා ඉතාලි ජාතිකයෙක් බව සදහන්.

WhatsApp Group

Skip to content