G7 කණ්ඩායම සහ එහි මිත්‍රරාජ්‍ය විසින් රුසියානු ඉන්ධන මිල සම්බන්ධයෙන් නිල වශයෙන් සීමාවක් අනුමත කර තිබෙනවා.

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් G7 සහ ඕස්ට්‍රේලියාව පැවසුවේ මිල සීමාව දෙසැම්බර් 5 වනදායින් පසුව බලාත්මක වන බවයි.

මේ අනුව රුසියානු බොරතෙල් බැරලයක උපරිම මිල ඩොලර් 60 සීමාවේ පවතිනු ඇති.

රුසියාව යුක්රේනයට එරෙහි ආක්‍රමනකාරී යුද්ධයෙන් ලාභ ලැබීම වැලැක්වීමට මිල සීමාවක් පැනවීමේ තීරණය ගෙන ඇති බවයි ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වන්නේ.

රුසියානු බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ සටහන් වුයේ ඩොලර් 64 ක් ලෙසින්.

සැප්තැම්බර් මාසයේදී ද G7 සමූහය විසින් මිල සීමාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ මිල ඉහළ යාම වළක්වා ගනිමින් රුසියානු ඉන්ධන තෙල් අපනයනයෙන් ලාභ ලැබීම නැවැත්වීම අරමුණු කර ගනිමින්.

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය G7 කණ්ඩායමේ සාමාජිකයන් වන අතර යුරෝපීය සංගමය ද G7 හා එක්ව කටයුතු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content