වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන යළි ආරම්භ කිරීම ට රජය සැලසුම් කර තිබෙනවා.

ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ වැඩසටහන ආරම්භ කිරීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

වී අලෙවි මණ්ඩලය පැවසුවේ වී මිලදී ගැනීමේ කටයුතු විධිමත් කිරීමේ අරමුණින් නව මෝල් හිමියන් ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ පිළිබඳ පුවත්පත් දැන්වීමක් පළ කිරීම මගින් ලියාපදිංචි කිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද වී අලෙවි මණ්ඩලය සඳහන් කළා.

WhatsApp Group

Skip to content