ඉන්ෆ්ලුවෙන්සා එච් 3 එන් 2 වයිරසය මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් වාර්තා වනවා.

එරට සෞඛ්‍ය අමත්‍යාංශය පැවැසුවේ, වයිරසය ආසාදනය වීමෙන් පසුගියදා පුද්ගලයන් දෙදෙනකු මියගිය බවයි.

ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා එච් 3 එන් 2 මරණ වාර්තා වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

මරණ වාර්තා වන්නේ හර්යානා සහ කර්නාටක ප්‍රාන්තවලින් .

හොංකොං උණ ලෙසින් ද හැඳින්වෙන, ඉන්ෆ්ලුවෙන්සා එච් 3 එන් 2 ආසාදිතයන් 90 දෙනෙකු ගත වූ පසුගිය දින කීපයේ ඉන්දියාවෙන් හඳුනා ගෙන් තිබෙනවා .

කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති ඉන්ෆ්ලුවෙන්සා එච් 3 එන් 2 වයිරසය ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද පෙන්නුම් කරන බව වෛද්‍යවරු පවසනවා .

WhatsApp Group

Skip to content