පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ පි .ටි. අයි පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන්ගේ නිවසින් ප්‍රහාරක රයිෆල් සහ උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා.

ඒ පොලිස් නිලධාරීන් පිරිසක් ලාහෝරයේ පිහිටි ඉම්රාන් ඛාන්ගේ නිවසට ඇතුළු වී සිදුකළ සෝදිසි කිරීම්වලින් අනතුරුවයි.

නඩු විභාගයක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම සඳහා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් නුවර බලා ගමන් කරමින් සිටියදී පන්ජාබ් පොලීසිය එලෙස ඔහුගේ නිවසට කඩාවැදී තිබුණා.

සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පන්ජාබ් පොලිස් ප්‍රධානියා පැවසුවේ ඉම්රාන් ඛාන්ගේ නිවසේ තිබී ඒ කේ -47 වර්ගයේ රයිෆලයක් සහ උණ්ඩ විශාල ප්‍රමාණයක් සොයා ගැනුණු බවයි.

එමෙන්ම පි .ටි .අයි පක්ෂයේ ආධාරකරුවන් 60 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වනවා.

WhatsApp Group

Skip to content