නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා .

එලෙස අක්‍රිය වී ඇත්තේ අප්‍රේල් මාසයේ දී අලුත්වැඩියා කිරීමට නියමිතව තිබූ ජනන යන්ත්‍රයක් බවයි ඔහු පැවසුවේ .

කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට පවතින ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන විදුලිබලාගාර හරහා අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළා .

WhatsApp Group

Skip to content