Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉරානයේ ඉස්ලාමීය ඇදුම් පැළදුම් පිළිබද නීති ක්‍රියාත්මක කිරිමේ වගකීම පැවරී ඇති ඉරාන සදාචාර පොලිසිය විසුරුවා හරින බව ඉරාන නීතිපතිවරයා පවසනවා.

ඉරාන නීතිපතිවරයා මේ බව සදහන් කළේ එරට පැවති විශේෂ උත්සවයකට එක්වෙමින්.

කෙසේ වුවද මෙම නීති වෙනස් කිරීම සිදුකළ යුත්තේ ඊට අදාළ ආයතන එක්ව නව පනතක් ඉදිරිපත් කිරීමෙන් බවයි ඉරාන නීතිපති මොහොමඩ් ජෆර් මොන්ටාසෙරී වැඩිදුරටත් සදහන් කළේ.

ඉරාන සදාචාර පොලිසිය මගින් මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගැණුනු 22 හැවිරිදි මාසා අමේනි තරුණිය අත්අඩංගුවේ පසුවන විට මියයාම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරාම විරෝධතා පැවැත්වුණා.

ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ එරට පවතින ඇදුම් පැළදුම් සංග්‍රහය උල්ලංඝනය කල බවට චෝදනා කරමින්.

WhatsApp Group

Skip to content