දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද වන දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පසුව එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිත දිග බෙංගාල බොක්ක හරහා දෙසැම්බර් මස 08 වනදා වන විට තමිල්නාඩු වෙරළ තීරයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනු ඇති.

එම පද්ධතියේ බලපෑමෙන් දෙසැම්බර් 07 සහ 08 යන දින වලදී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර අද නැගෙනහිර පළාතේ වැසි වාර කීපයක් ඇති වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම සබරගමුව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේද ස්ථාන ස්වල්පයක අද පස්වරු සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන්.

WhatsApp Group

Skip to content