Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවන් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී අද පස්වරුවේ විරෝධතාවක නිරත වුනා.

විදුලි, ඉන්ධන, ගෑස් ඇතුළු භාණ්ඩ මිල පහත දමනු, දුන් පොරොන්දු කෝ, වැටුප් ගැටලු වහා විසඳනු සහ ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත නොතබනු ආදි සටහන් කළ පුවරු රැගෙන එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ විරෝධය දැක්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල රැසක අධ්‍යන කටයුතු සඳහා අද දිනයේදී බාධා මතු වුනා.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ලබන 15වනදා දක්වා ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතුද අද දිනයේදී සිදු කෙරුනේ නැහැ.

අද පැවතී මාධ්‍ය හමුවකදී ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ සාධාරණ බදු ක්‍රම සඳහා ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/03/CHARUDATHTHA-EDIT.mp3?_=1

මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය අද පොලිස්පතිවරයා හමු වුණා.

ඒ පසුගිය සතිය තුල ඇතිවූ උද්ඝෝෂණ ව්‍යාපාර අතරතුර එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මිය යාම සහ තවත් අයෙක් සිහිමුර්ජාව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම සම්බන්ධව කරුණු වාර්තා කර ඊට අදාල තොරතුරු ලබා ගැනීමේ අරමුණින්.

ඉන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ සුනිල් වටගල මහතා කියා සිටියේ මෙම ප්‍රහාර සම්බන්ධව සාධාරණත්වය ඉල්ලා ජාත්‍යන්තරය හමුවට යාමටද නීතිඥවරුන් සුදානම් බවයි.

https://www.vnews.lk/storage/2023/03/SUNUL-WATAGALA-EDIT.mp3?_=2

 

 

WhatsApp Group

Skip to content