ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2,000ක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමට සහ සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදීමට මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල විශේෂ නියෝජිත කණ්ඩායම සහතික වී තිබෙනවා.

ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසට විෂයභාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්ෂ ෂියලි රයිසින් ඇතුළු දූත මණ්ඩල සාමාජික පිරිසෙන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම සහතිකය ලබා දී තිබෙන්නේ.

ඒ අනුව ඉදිරියේදී සාත්තු සේවක පුහුණුව ලබාදීමේ දී කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ද එහිදී එම නියෝජිත කණ්ඩායම ඉල්ලා සිටියා.

WhatsApp Group

Skip to content