Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පශු වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා කිරි ගව පාලනයේ නිරත වෙමින් ජීවිකාව සරිකර ගන්නා මස්කෙළිය ප්‍රදේශයේ ගොවීහු තම කර්මාන්තය අකර්මණ්‍ය වන බව පවසමින් මැසිවිලි නගති.

දියර කිරි නිෂ්පාදනයට ඉහල ඉල්ලුමක් තිබුණ ද සතුන් රෝගී වු අවස්ථාවන්වල දී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දීමට මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරයෙක් නොමැති නිසා සතුන් මියගිය අවස්ථා කීපයක් ඇති බව ප්‍රදේශයේ  කිරි ගොවීහු පෙන්වා දෙති .

මස්කෙළිය පශු වෛද්‍ය කොට්ඨාශයේ ගවයින් සදහා ප්‍රතිකාර කිරිම මෙන්ම ගව අභිජනණය කිරිමේ කටයුතු සිදු නොවීම වැනි  දුෂ්කරතා රැසකට ගොවීහූ මුහුණ පා සිටිති.

මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරීවරයාට  මාස කීපයකට පෙර ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර ඒ සඳහා අනුප්‍රාප්තික  පශු වෛද්‍ය නිලධාරීවරයෙකු මේ දක්වා ලබා නොදීම හේතුවෙන් මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලය පුරප්පාඩුව පවතී.

මස්කෙළිය පශූ වෛද්‍ය බල ප්‍රදේශයේ පමණක් කිරි ගොවියන් 2500 ක් පමණ සිටිති.  ප්‍රදේශයේ දෛනික කිරි නිෂ්පාදනය කිරි ලීටර් විසි දහසක් පමණ වන බවත්, එම තත්ත්වය වැඩි දියුණු කිරිමට ගොවියන් කැමැත්තක් දැක්වුවද අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නැති නිසා තිබෙණ තත්ත්වය ද අඩු වෙමින් පවතින බව පවසන ගොවි ජනතාව මෙම  තත්ත්වය ප්‍රයෝජනයට ගත් ඇතැම් ව්‍යාජ පශු වෛද්‍ය නිලධාරීන් තම ප්‍රදේශයන්හි පශූ සම්පතට හානියක් සිදු කර ඇති බවට චෝදනා කර සිටිති.

එමෙන්ම මස්කෙළිය පශු වෛද්‍ය නිලධාරී කර්යාල බල ප්‍රදේශයේ ගොවිපළවල ගවයින් දස දහසකට අධික පිරිසක් ඇති දැඩි කරති. තමන්ගේ ගවයන්ට වැළඳෙන රෝග සහ අනෙකුත් අවශ්‍යතා සඳහා සේවාව ලබා ගැනීමට මස්කෙළිය ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරියෙකු නොමැතිවීම හේතුවෙන් සතුන් අහිමි වීමේ දැඩි අවධානම ඉහළ ගොස් ඇති බව මෙම කිරි ගොවීහූ කනස්සල්ල පළ කරති.

 

WhatsApp Group

Skip to content