Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ඇප ලබාදී තිබෙනවා.

ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමකට අධිකරණයෙන් ඊයෙ(16) අවසර ලැබුණු අතර ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි හි ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවනු ලැබුවා.

ධනුෂ්කට ඇප ලබාදී ඇත්තේ යළි ඩොලර් 150,000ක ඇපයක් සහ ශ්‍රී ලංකාවට නොයන බවටත් යන එන තැන් සොයා ගැනීමට භාවිත කරනු ලබන ට්‍රැකින් බ්‍රේස්ලට් එකක් පැළඳීමටත් එකඟවීමෙන් අනතුරුව ඔහුට ඇප ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම ඔහුගේ නීතිඥයින් ඉදිරියේ හැර ටින්ඩර් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුලු දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශවීම සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත් ජැනට් වොල්ක්විස්ට් නියෝග කර තිබෙනවා.

සිඩ්නි දුම්රිය ස්ථානයක සී.සී.ටී.වී. දර්ශන සහ වෙනත් තොරතුරු ලබාගැනීමටද නීතිඥවරුන් ඊයේ(16) වසර ලබාදී තිබෙනවා.

කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට චෝදනා 4ක් ගොනු කර තිබුණා.

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගිවීමට ගොස් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු ධනුෂ්ක ගුණතිලක ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

WhatsApp Group

Skip to content