ලංකා සතොස ආයතනය උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ 07 ක මිල පහත දමා තිබෙනවා.

සුදු සීනි, ආනයනික අර්තාපල්, ලොකු ළුෑණු, රතු පරිප්පු, ටින් මාළු, මිරිස් සහ හාල්මැස්සන් ඊට අයත්.

අද සිට මිල අඩු කිරීම් ක්‍රියාත්මක බවයි සතොස නිවේදනය කලේ.

රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 11කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 374 ක්.

සුදු සීනි රුපියල් 220 ක් ලෙස දක්වෙන්නේ රුපියල් 4කින් මිල පහත දැමීමෙන්.

රුපියල් 05 කින් මිල අඩු කර ඇති ලොකු ළුෑණු කිලෝවක් නව මිල රුපියල් 185යි.

ග්‍රෑම් 425 ටින්එ මාළු මිල රුපියල් 15 කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 475 ක්.

වියලි මිරිස් කිලෝව රුපියල් 1,780 ක ලෙසයි මිල සටහන් වන්නේ.

එහිදී රුපියල් 15 ක් අඩු කර තිබෙනවා.

හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 50 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,100 ක් බදවා සතොස නිවේදනය කලා.

WhatsApp Group

Skip to content