Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමේදී සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ජනතාව ඒකරාශී කරගනිමින් එම විසඳුම් ලබාදීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවනවා.

75වන නිදහස් දින උළෙලේදීවත් මෙරට සියලු ජනතාවට එක මවකගේ දරුවන් ලෙස ජීවත්වීමට හැකිවේවායි ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කළා.

ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක උතුරු පළාත් සංවර්ධන විශේෂ ඒකක උප කාර්යාලය වවුනියාවේ දී විවෘත කෙරුනේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

බොහෝ කලක් උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද විවිධ හේතූන් මත දුක් විඳී බවත් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවත් එහි දී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2022/11/HE.wav?_=1

වවුනියා දිස්ත්‍රික්කයේ රජයේ සේවක නිවාස යෝජනා ක්‍රමයේ නිවාසලාභීන් 120 දෙනෙකුට මෙහිදී නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුනා.

උතුරේ යුද ගැටුම් හේතුවෙන් දේපළ අලාභ හානි වූ 96 දෙනෙකුගෙන් 12 දෙනෙකු වෙත ද සංකේතාත්මකව මුදල් පිරිනැමුණේ ජනාධිපතිවරයා අතින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනතා ගැටළු විසඳමින් එකම රටක නිදහසේ ජීවත්වීමේ හිමිකම උදා කරදීම තම අභිලාශය බවයි.

https://www.vnews.lk/storage/2022/11/HE_FREEDOM.wav?_=2

WhatsApp Group

Skip to content