Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජල ගාස්තුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කරනවා .

නිලධාරීන් පෙන්වා දුන්නේ ජලය ලීටරයක් තවමත් සත 2ක පමණ මුදලකට පාරිභෝගිකයින්ට ලබාදෙන බවත් මෑතකදී එය සත 5ක් දක්වා වැඩි කළද ජල ලීටරයක් සැකසීම සඳහා යන වියදම සත 12ක් 14ක් පමණ වන බවයි.

මෙහිදී වැඩිදුරටත් එම නිලධාරීන් සඳහන් කළේ මෑතකදී ජල ගාස්තු වැඩි කළ ද ජල සම්පාදනය සඳහා වැයවන වියදම පෙර තිබූ ප්‍රමාණයට වඩා 50% කින් පමණ වැඩිවී ඇති බවයි .

වර්තමාන ජල ගාස්තුව වියදමට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බව ඔවුන් පවසනවා

සමෘද්ධි ලාභීන්, වැඩිහිටි ප්‍රජාව ඇතුළු අඩු ආදායම්ලාභීන් හැර අනෙකුත් පාර්ශ්ව සඳහා ජල ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කරන බව සඳහන්

වියදමට සරිලන ආකාරයෙන් ජල ගාස්තු සංශෝධනය කළ යුතු බව නිලධාරීන් මෙම යෝජනාව සිදුකර ඇත්තේ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ්‍ය උපදේශක කාරක සභාවටයි

WhatsApp Group

Skip to content