Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලි බිල වැඩි කිරීම සඳහා යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්දයෙන් මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයා වෙත පැහැදිලි කිරීමක් සිදු කරමින් ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 2023 පෙබරවාරි 8 වැනි දින පැවැත්වූ සැසිවාරයේ දී නව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර ඒ සඳහා වන පාර්ශ්වකරුවන්ගේ උපදේශන අදියර ද අවසන් කළ බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වැනි වගන්තිය ප්‍රකාරව ක්‍රමවත් විශ්ලේෂණයකින් පසු ව කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා සංශෝධිත ගාස්තු කාලසටහනක් යෝජනා කළ බවත් කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් බහුතරයක් කොමිසමේ එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත් විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්.

එවැනි පසුබිමක් යටතේ කොමිෂන් සභාව විසින් යෝජනා කරන ලද ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content