Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාසල් සිසුන්ට නොමිලේ පාසල් පෙළපොත් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහන, අද හෝමාගම පිටිපන පිහිටි අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී පැවැත්වුණා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්.

එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ප්‍රාථමික පන්තිවලට සහ 6-11 ශ්‍රේණිවල විෂයන්ට අදාළව අත්‍යවශ්‍ය වන පෙළපොත් ලබා දීමට මූලිකත්වය දෙමින් පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නියමිත බව ද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අවධාරණය කරනවා.

WhatsApp Group

Skip to content