Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණ විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතයි .

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එය සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341කදී පැවැත්වෙන බවයි .

එම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු මේ වනවිට යොදා ඇති බව සදහන් .

පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල හිඟ ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර එම පුරප්පාඩු මත බඳවාගැනීම් සිදුකරනු ලබනවා .

ඉන්පසු ඇති වන පුරප්පාඩු සඳහා පළාත් සභා මගින් වාර්ෂිකව උපාධිධාරීන් පළාත් පදනමින් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා .

WhatsApp Group

Skip to content