Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇෆ්ගනිස්ථානයේ උමං මාර්ගයක් තුළ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 32 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

කාබුල් අගනුවර උතුරු පළාත් හා සම්බන්ධ කරන සැලන්ග් නැමැති උමං මාර්ගයේ තෙල් රැගත් රථයක් පෙරළී ගින්න හටගෙන තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගින්න නිවා දැමීමට පෙර තවත් වාහනවලට ද ගින්න පැතිර ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

1982 වසරේදී ද උමං මාර්ගයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 400 ක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා .

WhatsApp Group

Skip to content