Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 05 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි චීන රජය මඟින් පරිත්‍යාග කර තිබෙනවා.

රෙදි මීටර් තිස් ලක්ෂ දොළොස් දහස් පන්සිය අනූ හයක් එලෙස පරිත්‍යාග කර ඇති අතර එම රෙදි තොගයෙන් පළමු කොටස නැව් ගත කර ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ.

චීනය විසින් පරිත්‍යාග කර ඇති එම රෙදි තොගය ලබන වසරේ මෙරට පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා ලබා දීමට අවශ්‍ය වන රෙදි තොගයෙන් සියයට 70 ක් සපුරාලීම සඳහා ප්‍රමාණවත් වනවා.

එම නිළ ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස රැගත් නෞකාව ලබන ජනවාරි මස 06 වන දා කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතයි.

කොළඹ සිට යාපනයට ඇති දුර මෙන් දස ගුණයක පමණ රෙදි තොගයක් මෙරට සිසුන් සඳහා පරිත්‍යාග කර ඇති බවත් ඒ පිළිබඳ ආඩම්බර වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

WhatsApp Group

Skip to content