Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළඹෙන 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් කර තිබෙනවා.

විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පොස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍යජාල මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබාගැනීම ද තහනම්.

මෙකී නියෝග නොසලකා ක්‍රියා කළහොත් වරදකරුවෙකු වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පඅවධාරණය කළේ.

මෙම නියෝග කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් හෝ සිදුකළහොත් ඒ පිළිබඳ ළඟම පොලිස් ස්ථානය හෝ පොලිස් මුලස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකියි.

විභාග දෙපාර්තමේන්තුව – 1911
පොලිස් හදිසි ඇමතුම් අංකය – 119
පොලිස් මුලස්ථානය – 011 242 1111

විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය – 0112 785 211 / 0112 785 212
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112 784 208 / 0112 784 537

උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.

විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ඒ සඳහා මධ්‍යස්ථාන 2,200ක් සුදානම් කෙරෙන බවයි.

WhatsApp Group

Skip to content