Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජයේ සියලුම රෝහල්වල උග්‍ර ලෙස ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය අවධාරණය කරන්නේ පිළිකා ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති බවයි.

පිළිකා සඳහා භාවිතයට ගන්නා ඖෂධ 22කින් රෝහල්වල පවතින්නේ ඖෂධ 3ක් පමණක් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා අනාවරණ කළේ අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැඳවමින්.

සරල ඖෂධ නොමැතිවීම හමුවේ සායනික රෝගීන්ගේ මරණ වාර්තාවීම ඉහලගොස් ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

WhatsApp Group

Skip to content