Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීමෙන් තම උසස් අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා තම අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් චෝදනා කරනවා.

පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් කෙරුණු අතර එහි පිළිතුරු පත් ඇඟයීම් කටයුතු පෙබරවාරි 22 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබුනා.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාදවීමෙන් වෘත්තීය නිපුණතා පාඨමාලා වෙත යොමුවීමට ද තමන්ට ගැටළුවක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු දින 22කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ කටයුතු අඩාල වී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

විශ්වවිද්‍යාල අචාර්යවරුන් ඇතුළු සියලුම විභාග පරීක්ෂකවරුන් සඳහා දීමනා වැඩි කරනු ලැබුවත් මෙතෙක් ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් සහභාගි නොවූ බවයි කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

ගුරුවරුන් විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂාව සඳහා සහයෝගය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වන බවත් දරුවන්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශයද ප්‍රමාද වන බවත් ඒ මහතා සඳහන් කළා.

මේ අතර ලංකා ගුරු සංගමය පවසන්නේ උසස් පෙළ විභාගය පැවති සමය තුල විදුලි කප්පාදුව නතර කිරීමට අවස්ථාව තිබුණද රජය ඒ පිලිබඳ තැකීමක් සිදු නොකල බවයි.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීම සඳහාද රජය වගකිවයුතු බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2023/03/JOSAP-STARLIN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content