උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති ඇතුළු සියලු උපකාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව විභාගයට අදාළ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම මෙන්ම අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන් තහනම් වනු ඇති .

මෙම නියමයන් කඩ කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911,හෝ 0112 785212 මෙන්ම පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා දන්වන ලෙස ඉල්ලීමක් කරන බවත් එම නිවේදනයේ සඳහන් .

උසස් පෙළ විභාගය මෙම මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වැනදා දක්වා පැවැත් වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content