Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මාවනැල්ල ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනෙකුට අමානුෂික ලෙස වද දී ඝාතනය කර වළ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෝ දෙදෙනෙක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවනැල්ල සහ වැලිඔය යන ප්‍රදේශවලදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඝාතනයට ලක් වූ තරුණයකුට අයත් යතුරු පැදිය සහ එහි ලියකියවිලි වැලිඔය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ සඟවා තිබියදී පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මෙම තරුණයන් දෙදෙනා ඝාතනය කර වළ දැමීමේ සිද්ධියට මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයකු සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පුළුල් පරීක්ෂණයාක් ආරම්භ කර ඇති බවද සදහන්.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් යැයි පොලිසිය සැක පළ කරනවා .

WhatsApp Group

Skip to content