Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජුනි මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසුවා.

මේ අතර දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සදහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 15 වනදා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළා.

ඒ අනුව විභාගය සදහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කිරීමේ පහසුකම සලසා තිබෙනවා.

කොවිඩ් තත්වය හේතුවෙන් 2021 සහ 2022 වර්ෂවල එම විභාගය පැවැත්වීමට නොහැකි වුණා.

ඒ හේතුවෙන් එම වර්ෂවල අයදුම් කළ සියලු දහම් පාසල් ගුරුවරුන්ව 2023 වර්ෂය සදහා නැවත අයදුම්පත් යොමු කළ යුතු බවයි දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content