Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය බස්නාහිර පළාතේ ගොවිල 4 කින් හදුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් වෛරස් රෝගය වැලදුනු ඌරන් ගොවිපලවලින් පිටතට රැගෙන යාම අත්හිටුවා ඇති බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහි අධ්‍යක්ෂ කේ.කේ.සරත් මහතා පැවසුවේ මෙම වෛරස් රෝගය මීට පෙර ද ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත් එය සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක් නොමැති බවද ඔහු අවධාරණය කළා.

එමෙන්ම මෙම වෛරස් රෝගය මිනිසුන්ට බෝවීමේ අවධානමක් නොමැති බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content