සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුළු 06කින් ජය ගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 156ක් රැස් කළා.

නායක ජොස් බට්ලර් ලකුණු 67යි.

පන්දු යැවීමේදී බංග්ලාදේශ වෙනුවෙන් හසන් මහමුද් කඩුලු 2ක් බිදහෙළුවා.

පිළිතුරැ ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 158ක් ලබා තරගය ජය ගත්තා.

නජ්මුල් සැන්ටෝ ලකුණු 51යි.

නායක සකීබ් අල් හසන් නොදැවී ලකුණු 34ක් ලබා ගත්තා.

WhatsApp Group

Skip to content