රට නිවැරදි දිශානතියකට යොමු කර ගැනීමට සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසනවා.

ලංකා ව්‍යාපාරික කවයේ නියෝජිතයින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළා.

රාජ්‍ය සහ පුද්ගලික අංශවල සහයෝගීත්වය රටේ සංවර්ධනයට වඩාත් වැදගත් බවයි පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සදහන් කළේ.

මහනුවර නගරය සංචාරක ආකර්ශනීය නගරයක් ලෙස ප්‍රවර්ධනය සදහා සිදුකරන වැඩසටහන පිළිබදව මෙම ව්‍යාපාරික හමුවේදී දීර්ඝව සාකච්ඡාවී තිබෙනවා.

WhatsApp Group

Skip to content