Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එංගලන්තය සමඟ වෙලින්ටන් හි පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණකින් ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා කඩුලු 08ක් දැවී ලකුණු 435ක් ලබාගත් අතර නවසීලන්ත පළමු ඉනිම ලකුණු 209කට සීමා වුණා.

ඒ අනුව, දෙවනි ඉනිම ක්‍රීඩා කිරීමට එංගලන්තය නවසීලන්තයට අවස්ථාව ලබාදුන් අතර සියලු දෙනා දැවී එහිදී නවසීලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 483ක්.

ඒ අනුව, එංගලන්තයට තරඟය ජයග්‍රහණය සඳහා ලකුණු 258ක ඉලක්කයක් හිමිවුණා.

කෙසේ වෙතත් එංගලන්තයට දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 256ක් පමණයි.

ඒ අනුව, තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

WhatsApp Group

Skip to content