සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අත පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වෙනවා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරග දෙක කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් මේ වන විට සම තත්ත්වයේ පසුවනවා.

ඉන්දියාව සහ ඕස්ටේ‍රලියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය අද ආරම්භ වීමට නියමිතයි.

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවේ අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

පළමු වරට ටෙස්ට් ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, අද ආරම්භ වන තරගයෙන් දෙවැනි ටෙස්ට් ලෝක ශූරයින් කවුරුන් ද යන්න තීරණය වනවා.

 

 

WhatsApp Group

Skip to content