හයිටි රාජ්‍යයේ රික්ට මාපකයේ 4.9ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම භූ කම්පන තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.

මේ අතර හයිටි රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 42ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා මෙම පුද්ගලයන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් 13,000ක් අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content