Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසමට ශ්‍රී ලංකාව ද තෝරාගෙන තිබෙනවා.

ඒ පසුගිය 05 වන දා නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ රැස්වීමේ දි යි.

2024 සිට 2028 දක්වා මෙම පත්කිරීම සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. මෙම කොමිසමට තේරී පත් වූ අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, බෙල්ජියම, බොලිවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තයයි.

1946 දී පිහිටුවන ලද රටවල් 45 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහාම කැප වූ ප්‍රධාන එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය ආයතනයයි.

තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ද මෙම කොමිසම දායක වෙනවා.

WhatsApp Group

Skip to content