වෛද්‍ය නිවාඩු දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් දින 4 ක් තිස්සේ දියත් කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ ඉල්ලීම් ඉටු වූ බැවින් අද සිට යළි රාජකාරිවලට අවතීර්ණ වන බවයි.

ඉතිරි වෛද්‍ය නිවාඩු සඳහා වන දීමනා ලබාදීමට භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිත එකඟතාව පළ කිරීමත් සමග වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ඔහු කියා සිටියා.

WhatsApp Group

Skip to content